IET (Institution of Engineering and Technology)
IET යනු 1871 සිට ක්‍රියාත්මක බ්‍රිතාන්‍යයේ ඉංජිනේරු ආයතනයකි. මෙහි නම වරින් වර වෙනස් වී තිබෙ.බ්‍රිතාන්‍ය විදුලි ස්ථාපනය හා සම්මත හා රෙගුලාසි සාදන්නේ ද මෙම ආයතනය මගිනි. බ්‍රිතාන්‍ය සම්මත BS 7671 නීති පද්දතිය සාදා ඇත්තේ ද IET ආයතනය මගිනි. අන්තර්ජාතික මට්ටමෙන් බොහෝ රටවල් මෙම සම්මත පද්දතිය තදින් ම භාවිතා කරයි.සමහරක් රටවල් විදුලි ස්ථාපනය සදහා තමන්ටම ආවේනික නීති පද්දති යොදා ගනී
IEE
විදුලි රෙගුලාසි ලෙස 2018 ට පෙර භාවිතා කරන ලද්දේ ද මෙය ම වේ. මෙම රෙගුලාසි වල 18 වන
සංශෝධනය ලෙස IET විදුලි රෙගුලාසි හඳුන්වනු ලබයි. බ්‍රිතාන්‍ය සම්මත වලට අනුගත ව TT
භූගත කිරීමේ පද්ධති යොදා ගන්නා ලංකාවේ ද භාවිතා කරන්නේ මෙම රෙගුලාසි සමූහයයි.
විදුලි
උපකරණ හා උපාංග වලට අදාළ වන සම්මත IEC(International Electrotechnical Commission) මගින් හඳුන්වා
දී තිබේ, IET
විදුලි රෙගුලාසි සාදා ඇත්තේ ද මෙම සම්මත උපකරණ හා උපාංග භාවිතා කරමින් විදුලි ස්ථාපන
කටයුතු කිරීම සඳහායි.
බ්‍රිතාන්‍ය සම්මත රෙගුලාසි (BS 767) ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කල යුත්තේ ඇයි?
IET
ආයතනය යනු බ්‍රිතාන්‍ය සදහා විදුලි
බලය නිෂ්පාදනයේ සිට පරිභෝජනය දක්වා වන නීති රීති රෙගුලාසි සාදන ආයතනයයි. BS7671
යනු එම ආයතනය විසින් සාදා , බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ
සම්මත කරගත් පනතකි.
ශ්‍රී
ලංකාවේ විදුලි බල පනත 1950 දී සම්මත වී ඇත. එයට විශාල සංශෝධන ගණනක් ඉදිරි පත් වී 2009
වන තුරු 1987 විදුලි බල පනත ලංකාවේ ක්‍රියාත්මක විය.2009 නව විදුලි බල පනතක් හඳුන්වා
දුන් අතර 2013 දී එයට සංශෝධනයක් සිදු විනි.
මෙම පනතට අදාලව විදුලි බල රෙගුලාසි 2016 ගැසට් කර තිබේ. එම ගැසට් පත්‍රයේ විදුලි බල
ස්ථාපන කටයුතු වලට BS 7671 (2008) හෝ නවතම සංශෝධනය යොදා ගත යුතු බව පේනවා තිබේ. එම
නිසා IET රෙගුලාසි පිළිපැදීම ලංකාවේ නීතියකි.
ශ්‍රී ලංකාවේ දී 1000 V AC හෝ 1500 V DC දක්වා වන වෝල්ටීයතා වලින් සිදු කරන විදුලි ස්ථාපන කටයුතු සදහා පමණක් මෙම රෙගුලාසි භාවිතා කරයි. විදුලිය නිෂ්පාදනය, සම්ප්‍රේක්ෂණය හා බෙදා හැරීමේ සදහා ශ්‍රී ලංකාවේ වෙනම නීති රීති පද්ධතියක් ක්‍රියාත්මක වේ. වෝල්ටීයතාවය ඉහත පරිදි වුවද දුම්රිය ධාවනය, නැව් හා ගුවන් යානා සදහා මෙම රෙගුලාසි භාවිතා කල නො හැකි වේ. ඒ සදහා විදුලි බල පනතේ ඇති රෙගුලාසීන් භාවිතා කරයි.
විදුලිය පිළිබඳ
මුල් ම රෙගුලාසිය 1882 දී බ්‍රිතාන්‍ය මගින් හඳුන්වා දෙන ලදී. එය විදි ආලෝක කරණයේ දී ගිනි ගැනීම අවම කර
ගැනීම සදහා යොදා ගෙන ඇත. මෙම නීති රීති සංශෝධන වෙමින් 1992 BS 7671 යන කේතය යටතේ විදුලි
රෙගුලාසි ගැසට් කර තිබේ. ඒවගේ ද විවිධ සංශෝධන
සිදු වී 2019 ජනවාරි මාසයේ සිට BS7671(2018 ) රෙගුලාසීන් පිළිපැදිය යුතු වේ.
මෙය පිටු ගණනාවක පොතකි. 2024 වන විට දුඹුරු පැහැති සම්මත පොත නීතිමය කටයුතු සදහා බාවිතා කල යුතු අතර,On-site-Guide යන පොත විදුලි ස්ථාපනය කරන්නන්ගේ පරිහරනය සදහා නිකුත් කර තිබෙ.
මෙයින්
අපට විදුලි ස්ථාපනයේ දී ඉතා වැදගත් වන නීති රීති පිලිබදව මෙම පාඩමේ දී සාකච්ඡා කරනු
ලැබේ.
මෙම රෙගුලාසි PDF ලෙස ලබා ගැනීමට මීලග ලිපිය කියවන්න





No comments:
Post a Comment