වායු බල පද්දතියක්(Pneumatic) යනු?

    වායු බල (Pneumatic) පද්දතියක් යනු කුමක් ද?

    සම්පීඩිත වායුව මගින් ක්‍රියා කරන යාන්ත්‍රික පද්දතියක්  මෙලස හදුන්වනු ලබයි.

    සම්පීඩිත වාතය Compressed Air

    සාමාන්‍ය වායුගෝල පීඩනය යටෙත් ඇති වාතය එයට වඩා වැඩි පීඩනයක් බවට පත් කිරීම සම්පීඩනය නම් වේ.

    වායු බල පද්දති වලදී සම්පීඩනය කරන ලද වායුව මගින් අවශ්‍ය කාර්යය සිදු කර ගත් පසු නැවත එය වායුගෝල පීඩනය බවටම පත් වේ.

    සම්පීඩිත වාතයට කල හැක්කේ කුමක් ද? What can Pneumatic Do?

    සම්පීඩිත වාතයේ බාවිතයන් බොහෝ තිබෙ එය සීමා රහිත යැයි සදහන් කල හැක.

ප්‍රායෝගික යෙදුම් කිහිපයක් පහත දක්වා තිබේ.

►Feeding, lifting up of objects(එසවීම් හා තල්ලු කිරීම)




►Clamping, stamping, cutting, forming of components



►Packaging(ඇසිරීම)




►Transferring of materials (Pick & Place)


►Sorting of parts(කොටස් වෙන් කිරීම)


►Bus door system(සුයන්ක්රිය දොරවල්)



►Spray painting(පින්තාරුව)

►Robots

        Advantages:

        ►Availability Unlimited quantity and Air is free වායුව අසීමිතව නොමිලේ ලබා ගත හැකි 

        ►Storage Easily stored in large volume by air tank පහසුවෙන් ටැංකියක ගබඩා කල හැකි 

        ►Low cost automation හයිඩ්ද්‍රෝලීක පද්දති වලට වඩා අඩු වියදමකින් සාදා ගත හැකිය 

        ►Choice of Movement රේඛීය චලිත ,අනුවර්තී චලිත,භ්‍රමණ චලිත පහසුවෙන් සදා ගත හැකිය 

        ►Reliability Pneumatic පද්දති දීර්ග කාලයක් බාවිතා කල හැකිය 

        ►Environmentally Clean වාතය බාවිතා කරන නිසා පිරිසිදු හා විෂ සහිත නොවන බාවිතා  සදහා බාවිතා කල හැකිය 

        ►Resistance to Environment අදික උෂ්ණත්වය,දුහුවිලි,මල කෑම වැනි පරිසර තත්ව සදහා ද බාවිතා කල හැකිය 

        ►Safety ආරක්ෂක ක්‍රමවේද  බාවිතා කිරීම පහසු වේ 

        ►Ease of Maintenance නඩත්තුව පහසු වේ.


    Disadvantages:

        ►Compressed air is not cheap to produce සම්පීඩිත වායුව සැකසීමට පිරිවැය වැඩිය 

        ►Purification is required වායු පිරිපහදු කල යුතු වේ 

        ►Noise pollution (Silencer) ශබ්ද දුෂණය ඇති වේ 

        ►Comparatively low force due to relatively low pressure  (economical range up to 25KN)

        ►Speed control less accurate වේග පාලනය කිරීම අපහසු වේ.

        ►Intermediate positioning is not easily obtained









IET විදුලි රෙගුලාසි

 IET (Institution of Engineering and Technology)

IET යනු 1871 සිට ක්‍රියාත්මක බ්‍රිතාන්‍යයේ ඉංජිනේරු ආයතනයකි. මෙහි නම වරින් වර වෙනස් වී තිබෙ.බ්‍රිතාන්‍ය විදුලි ස්ථාපනය හා සම්මත හා රෙගුලාසි සාදන්නේ ද මෙම ආයතනය මගිනි. බ්‍රිතාන්‍ය සම්මත BS 7671 නීති පද්දතිය සාදා ඇත්තේ ද IET ආයතනය මගිනි. අන්තර්ජාතික මට්ටමෙන් බොහෝ රටවල් මෙම සම්මත පද්දතිය තදින් ම භාවිතා කරයි.සමහරක් රටවල් විදුලි ස්ථාපනය සදහා තමන්ටම ආවේනික නීති පද්දති යොදා ගනී

IEE විදුලි රෙගුලාසි ලෙස 2018 ට පෙර භාවිතා කරන ලද්දේ ද මෙය ම වේ. මෙම රෙගුලාසි වල 18 වන සංශෝධනය ලෙස IET විදුලි රෙගුලාසි හඳුන්වනු ලබයි. බ්‍රිතාන්‍ය සම්මත වලට අනුගත ව TT භූගත කිරීමේ පද්ධති යොදා ගන්නා ලංකාවේ ද භාවිතා කරන්නේ මෙම රෙගුලාසි සමූහයයි.

          විදුලි උපකරණ හා උපාංග වලට අදාළ වන සම්මත IEC(International Electrotechnical Commission) මගින් හඳුන්වා දී තිබේ, IET විදුලි රෙගුලාසි සාදා ඇත්තේ ද මෙම සම්මත උපකරණ හා උපාංග භාවිතා කරමින් විදුලි ස්ථාපන කටයුතු කිරීම සඳහායි.

බ්‍රිතාන්‍ය සම්මත රෙගුලාසි (BS 767) ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කල යුත්තේ ඇයි?

          IET ආයතනය යනු බ්‍රිතාන්‍ය සදහා විදුලි බලය නිෂ්පාදනයේ සිට පරිභෝජනය දක්වා වන නීති රීති රෙගුලාසි සාදන ආයතනයයි. BS7671 යනු එම ආයතනය විසින් සාදා , බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ සම්මත කරගත් පනතකි.


          ශ්‍රී ලංකාවේ විදුලි බල පනත 1950 දී සම්මත වී ඇත. එයට විශාල සංශෝධන ගණනක් ඉදිරි පත් වී 2009 වන තුරු 1987 විදුලි බල පනත ලංකාවේ ක්‍රියාත්මක විය.2009 නව විදුලි බල පනතක් හඳුන්වා දුන් අතර 2013 දී එයට සංශෝධනයක්  සිදු විනි. මෙම පනතට අදාලව විදුලි බල රෙගුලාසි 2016 ගැසට් කර තිබේ. එම ගැසට් පත්‍රයේ විදුලි බල ස්ථාපන කටයුතු වලට BS 7671 (2008) හෝ නවතම සංශෝධනය යොදා ගත යුතු බව පේනවා තිබේ. එම නිසා IET රෙගුලාසි පිළිපැදීම ලංකාවේ නීතියකි.


ශ්‍රී ලංකාවේ දී 1000 V AC හෝ 1500 V  DC දක්වා වන වෝල්ටීයතා වලින් සිදු කරන විදුලි ස්ථාපන කටයුතු සදහා පමණක් මෙම රෙගුලාසි භාවිතා කරයි. විදුලිය නිෂ්පාදනය, සම්ප්‍රේක්ෂණය හා බෙදා හැරීමේ සදහා ශ්‍රී ලංකාවේ වෙනම නීති රීති පද්ධතියක් ක්‍රියාත්මක වේ. වෝල්ටීයතාවය ඉහත පරිදි වුවද දුම්රිය ධාවනය, නැව් හා ගුවන් යානා සදහා මෙම රෙගුලාසි භාවිතා කල නො හැකි වේ. ඒ සදහා විදුලි බල පනතේ ඇති රෙගුලාසීන් භාවිතා කරයි.


IET රෙගුලාසි වල ඉතිහාසය     

    විදුලිය පිළිබඳ මුල් ම රෙගුලාසිය 1882 දී බ්‍රිතාන්‍ය මගින් හඳුන්වා දෙන ලදී. එය විදි ආලෝක කරණයේ දී ගිනි ගැනීම අවම කර ගැනීම සදහා යොදා ගෙන ඇත. මෙම නීති රීති සංශෝධන වෙමින් 1992 BS 7671 යන කේතය යටතේ විදුලි රෙගුලාසි ගැසට් කර තිබේ. ඒවගේ ද  විවිධ සංශෝධන සිදු වී 2019 ජනවාරි මාසයේ සිට BS7671(2018 ) රෙගුලාසීන් පිළිපැදිය යුතු වේ.

                     මෙය පිටු ගණනාවක පොතකි. 2024 වන විට දුඹුරු පැහැති සම්මත පොත නීතිමය කටයුතු සදහා බාවිතා කල යුතු අතර,On-site-Guide යන පොත විදුලි ස්ථාපනය කරන්නන්ගේ පරිහරනය සදහා නිකුත් කර තිබෙ.

    මෙයින් අපට විදුලි ස්ථාපනයේ දී ඉතා වැදගත් වන නීති රීති පිලිබදව මෙම පාඩමේ දී සාකච්ඡා කරනු ලැබේ.


මෙම රෙගුලාසි PDF ලෙස ලබා ගැනීමට මීලග ලිපිය කියවන්න 

SMPS හදුන්වාදීම

SMPS ගැන හදුන්වා දීම

    SMPS යනු කුමක්ද? Switched Mode Power Supply යනු  සුවිචීකරණ මාදියේ බල සැපයුම යන අර්ථයයි.සාමාන්‍ය බල සැපැයුමක මෙන්ම මෙහි කාර්‍යයත් ඉලෙට්‍රෝකික උපකරණ වලට අවශ්‍ය සරල ධාරා වොල්ටිය්තාව ලබා දීමයි. මේ සදහා වෝල්ටීයතාවය එක් මට්ටමක සිට තවත් මට්ටමකට  වෙනස් කල යුතු වේ.

    මෙමගින් AC ප්‍රධාන සැපයුම, ඉලෙක්ට්‍රෝණික පරිපථ හෝ උපකරණ සඳහා අවශ්‍ය නියාමනය කරනු ලැබූ DCවෝල්ටීයතා බවට පරිවර්ථනය කරනු ලැබේ.

මෙම උපකරණ  1980 දශකයේ සිටම බොහෝ ජනප්‍රියවී තිබේ.

SMPS ඇති වාසි වන්නේ
  • කුඩා ප්‍රමාණය හා සැහැල්ලු බර.
  • ඉහළ කාර්යක්ෂමතාව හා අඩු තාප පමාණයක් ජනනය කිරීම.
  • වඩා හොඳ වෝල්ටීයතා නියාමනයක් තිබීම.
  • පුළුල් පරාසයක  AC input ලබාදිය හැකි වීම.
  • අඩු වියදම.

SMPS වල රේඛීය බල සැපයුම් සමඟ සසඳන කල යම් අවාසි තත්ත්වයන් ඇත

  • ජව සැපයුමේ  ඉලෙක්ට්‍රෝණික උපකරණ බොහෝ බාවිත වන නිසා,දෝෂයක් ඇති වූ විට බොහොමයක් උපකරණ Replace කල යුතු වීම
  • මේවාහි බොහෝ ඉලෙක්ට්‍රෝණික පරිපථ බාවිතා වන බැවින් (protection පරිපථ, feedback පරිපථ, oscillator පරිපථ) දෝෂ හදුනාගැනීමේ අපහසුව
  • සමහර අමතර කොටස් වෙළදපලේ නොමැති වීම හෝ මිල ගණන් අදික වීම(Power FET ,Power IC)
    පහත ඡායාරූප මගින් ඔබට SMPS ගැන අවබෝධයක් ලබාගත හැක , බලන්න විවිධ බාවිතා සදහා නොයෙක් වර්ගයේ SMPS නිර්මාණයකොට තිබේ.
එම සියලු ඡායාරූප උනන්දුවෙන් නරඹන්න. ඔබට දකින්න ලැබෙන්න ඇති බොහොමයක් ජව සැපයුම් වල පොදු ඉලෙක්ට්‍රෝණික උපකරණ බාවිත වන බව (fuse, SMT transformers,Diodes, Capacitors,inductors ) මෙම ඉලෙක්ට්‍රෝණික උපකරණ ගැන හොද අවබෝධයක් ඔබට ඇත්නම් මේවා අලුත්වැඩියා කිරීමත් එතරම් අපහසු නොවේ










 ආදාන, ප්‍රතිධාන වොල්ටියතාවයේ වෙනස්කම් මත DC ජවසපයුම් පහත පරිදි වර්ගීකරණය කරගත හැකියි

 

ප්‍රතිධානය DC

ප්‍රතිධානය AC

ආදානය AC

රේඛීය ජවසපයුම

රේඛීය බැටරි ආරෝපකය

 

Isolation පරිනාමකය

Auto ට්‍රාන්ස්ෆෝමරය

VFD (Varibale Frequency Drive)

ආදානය  DC

DC- DC Converter

Inverter

UPS

මෙහි රේඛිය ජව සැපයුමේ හැර අනෙක් සැම අවස්ථාවකම ස්ව්චීකරණය වන උපාංග හා PWM ක්‍රමවේදයන් බාවිතා කර තිබේ,මේ උපකරණ පොදුවේ සුව්චීකරන උපකරන ලෙස හැදින්විය හැකිය

මීළගට රේඛීය ජව සැපයුම................


IET රෙගුලාසි 02

  IEC සම්මත ප්‍රමිතීන් හා IET රෙගුලාසි වල සම්බන්ධය                      ලොව පුරා ඇති රටවල් වලට භාවිතා වන විවිධ වූ විදුලි උපාංග හා උපකරණ වල...