IEC සම්මත ප්‍රමිතීන් හා IET රෙගුලාසි වල සම්බන්ධය
ලොව පුරා ඇති රටවල් වලට භාවිතා වන විවිධ වූ විදුලි උපාංග හා උපකරණ වල ප්‍රමිතිය තීරණය කරන්නේ IEC (International Electrotechnical Commission) මගිනි. එය ලාබ නො ලබන රාජ්‍ය නොවන ආයතනයකි. අන්තර් ජාතික ප්‍රමිති ආයතනය(ISO) හා සම්බන්ධ වී විදුලි උපාංග හා උපකරණ වලට අදාළ වන ප්‍රමිතිය තීරණය කරන්නේ මෙම ආයතනයයි.IEC යනු ලොව බොහෝ රටවල් ප්‍රමාණයක් අනුගමනය කරන සම්මත ප්‍රමිති ක්‍රමයකි ඒ බව පහත සිතියම අධ්‍යනය කිරීම මගින් අවබෝධ වනු ඇත.
IEC - ලොව වැඩිම රටවල් ගනනක් පිලිගත් සම්මත ක්‍රමය.
NEC- ඇමරිකාව හා කැනඩාව හා උතුරු ඇමරිකානු රටවල් පිලිගත් සම්මත ක්‍රමය.
NEC and IEC - මෙම ක්‍රම දෙකම බාවිතා වන රටවල්.
උදාහරණයක් ලෙස ගත
හොත් නිවසේ භාවිතා වන RCCB එකක් සාදා ඇත්තේ IEC 61008-2-1 ප්‍රමිතියට අනුවයි, ඒ ප්‍රමිතියට
අනුව එය 30mA මිහි කාන්දුවක දී විසන්ධි විය
යුතු වේ. IET රෙගුලාසි වලට අනුව නිවසක් සදහා 30 mA RCCB එකක් යොදා ගත යුතු වේ. මෙලෙස
IET රෙගුලාසි සදා ඇත්තේ IEC ප්‍රමිතියට අනුව නිපදවන උපාංග හා උපකරණ වලට ගැළපෙන පරිදියි.
කිසියම් රටක විදුලි උපකරණ හා
උපාංග සම්බන්ධ ප්‍රමිතියක් ව්‍යවස්ථාවට අනුව සම්පාදනය කර නොමැති නම් IEC ප්‍රමිතිය
පිළිපදියි. උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාවේ SLS 733 යන ප්‍රමිතිය විදුලි රැහැන් සදහා භාවිතා
කරයි. නමුත් MCB, RCCB වැනි විදුලි උපාංග සදහා IEC ප්‍රමිතිය භාවිතා කරයි.
SLS ප්‍රමිතිය සාදන විදුලි රැහැන්
වල යොදා ගන්නා වර්ණ සන්නායක ආදිය IET රෙගුලාසි වලට අනුගත විය හැකි පරිදි සාදන නිසා
රැහැන් ඇදීමේ දී රෙගුලාසි වල බොහොමයක් එමගින් ආවරණය වේ.
මෙලෙස IET
සම්මත රෙගුලාසි වලින් බොහොමයක් සම්මත ප්‍රමිතියකට අනුව නිෂ්පාදනය
කරන ලද විදුලි උපාංග හා උපකරණ භාවිතා කිරීමෙන් සපුරා ගත හැකයි. සම්මත නොවන උපකරණ වෙළඳපළේ විකිණීම තහනම් නිසා රෙගුලාසි
කඩ වන අවස්ථා අවම වී තිබේ.
එම නිසා විදුලි කාර්මික ශිල්පියෙකු
ලෙස විදුලි උපාංග හා උපකරණ මිල දී ගැනීමේ දී සම්මත ප්‍රමිති වල උපකරණ භාවිතා කිරීමට
වග බලා ගත යුතු වේ.
IET සම්මත රෙගුලාසි භාවිතයේ
අවශ්‍යතාව
මෙම නීති රීති සම්පාදනය කර ඇත්තේ
යම් අරමුණක් ඇතු වයි ඉන් ප්‍රධාන අරමුණු තුනක් විශේෂයෙන් දැක්විය හැකයි
·
විදුලි පාරිභෝගිකයාගේ ආරක්ෂාව
·
දේපළ වල ආරක්ෂාව
·
විදුලි ස්ථාපනය
කරන්ගේ ආරක්ෂාව
මේ අනුව පහත සඳහන්
අනතුරු වලින් ආරක්ෂා වීමට IET රෙගුලාසීන් භාවිතා කර තිබේ.
· 👉 විදුලි සැර වැදීමෙන් ඇති වන අනතුරු
· 👉විදුලිය නිසා වන ගිනි ගැනීම් අනතුරු
· 👉ගිනි ගැනීම් නිසා සිදු වන විදුලි අනතුරු
· 👉 විදුලිය මගින් සිදු වන පිළිස්සීම් අනතුරු
· 👉 විදුලි උපකරණ හා විදුලි යන්ත්‍ර වලින් සිදු වන අනතුරු.
IET රෙගුලාසි වල අන්තර්ගතය
BS 7671 රෙගුලාසි පද්ධතිය භාවිතයේ
පහසුව සදහා ප්‍රධාන කොටස් Parts හතකට බෙදා තිබේ මෙම කොටස් තුල විවිධ පරිච්ඡේද තිබේ.
(Chapter) එම පරිච්ඡේද
වල අනු කොටස් (Section) ඇත එම අනු කොටස් වලට අදාලව රෙගුලාසි දක්වා ඇත ඒ අනුව උදාහරණයක්
ලෙස 413.1 . 1 රෙගුලාසිය පහත පරිදි දක්වා තිබේ.
එම අනු කොටස ඇති
පිටුවට ගිය විට 413 ට පහත සටහනේ
පරිදි රෙගුලාසීන් පෙන්වා තිබේ.
IET රෙගුලාසි වල
ප්‍රධාන කොටස්
|
Parts |
අන්තර්ගතය
|
|
parts01 |
විෂය
පථය හා මූලික මූලධර්ම
|
|
parts02 |
රෙගුලාසි
සම්බන්ධ අර්ථදැක්වීම් හා සංකේත
|
|
parts03 |
පොදු
වූ කරුණු ඇගයීම
|
|
parts04 |
ආරක්ෂාව
සම්බන්ධ කරුණු
|
|
parts05 |
උපකරණ
තෝරා ගැනීම හා ඉවත් කිරීමට අදාළ කරුණු
|
|
parts06 |
විදුලි
පිහිටුමක් පරීක්ෂා කිරීම හා කල යුතු පරීක්ෂණ පිළිබඳ තොරතුරු
|
|
parts07 |
හදුනාගත්
විශේෂ ස්ථාන වල විදුලිය ස්ථාපනයට අදාළ තොරතුරු
|
වෝල්ටීයතා මට්ටම්
IET විදුලි රෙගුලාසි සඳහන් කිරීමේ දී භාවිතා වන වෝල්ටීයතාවයන් ප්‍රධාන මට්ටම් තුනකට බෙදා තිබේ ඒවා පහත වගුවේ පරිදි වේ.
වෝල්ටීයතා මට්ටම
| AC වෝල්ටීයතාවය | DC වෝල්ටීයතාවය | අවදානම් මට්ටම් |
ELV
| 50 V වලට වඩා අඩු | 120V වලට වඩා අඩු | අඩු අවදානම් |
LV | 50 – 1000 අතර | 120 V-1500 V අතර | මධ්‍යස්ථ අවදානම් |
HV | 1000 V වලට වැඩි | 1500 V වලට වැඩි | වැඩි අවදානම් |
මෙම කොටස්
හත පිලිබදව පිටු 560 පුරා වට ගැඹුරෙන් විස්තර කර තිබේ. මෙම පාඩම් මාලාවේ දී විදුලි
කාර්මික ශිල්පියකුට අවශ්‍යතම වන කරුණු පිලිබදව සඳහන් කර තිබේ. මෙය ලංකාවේ නීතිය නිසා
ඔබ එය දැන සිටිය යුතු ම වේ.



















